මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාග ප‍්‍රවේශ පත‍්‍ර 11දා සිට

    අගෝස්තු 01, 2014
    දකුණු කොරියාවේ රැකියා සඳහා ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව උදා කරන 12 වන කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාග සඳහා ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීම 11දා සිට 14දා දක්වා සිදු කෙරේ. 
     
    ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම කොළඹ මධ්‍යස්ථාන 2ක දී හා දිවයින පුරා මධ්‍යස්ථාන 12ක දී සිදු කෙරේ. අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනය හා රත්මලාන ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානය කොළඹ පිහිටි මධ්‍යස්ථාන දෙක වේ. 
     
    කොරියානු රජයේ රැකියා හා කම්කරු අමාත්‍යංශය සහ විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යංශය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය පවත්වයි. 
     
    මෙවර විභාගය මේ වසරේ ඔක්තෝබර් 11 හා 12 දෙ දින පැවැත්වීමට නියමිතය. මෙවර විභාගයේ දී ධීවර හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා පමණක් තෝරාගනු ලබයි. 
     
     
    ඔක්තොම්බර් 11 හා 12 පවත්වන පරීක්ෂණයේ වේලාවන් හා පරීක්ෂණ ස්ථාන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk  මඟින් මෙන්ම ප‍්‍රධාන කාර්යාලයේ හා අනෙකුත් කාර්යාංශ ශාඛාවල දැන්වීම් පුවරුවල පළ කෙරේ. 
     
    විභාගයේ දී ලකුණු 200න් අවම වශයෙන් ලකුණු 80ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ලබා ගත යුතු අතර, කඩඉම් ලකුණු ප‍්‍රමාණය කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මඟින් පසුව ප‍්‍රකාශයට පත් කෙරේ. 
     
    11 වන කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයේ ප‍්‍රතිඵල අනුව පසු ගියවර අපේක්ෂකයින් 2526ක් සමත් වූ බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව කර්මාන්ත අංශයේ රැකියා සඳහා 538ක්, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා 1028 ක් ද, ධීවර අංශයේ රැකියා සඳහා 960ක් ද තෝරා ගෙන තිබිණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya