මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. (උ/පෙළ) විභාගයේ පිළිතුරුපත් ඇගයීමට වසා තැබෙන පාසල්

    අගෝස්තු 01, 2014
    ඉදිරියේදී පැවැත්වෙන 2014 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගයීමේ පළමු අදියර අගෝස්තු 30 සිට සැප්තැම්බර් 12 දක්වා පැවැත් වේ. එම කාලය තුළ පාසල් 15ක් සම්පූර්ණයෙන් වසා තැබෙන අතර පාසල් 14ක පන්ති කාමර කිහිපයක් පමණක් වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.


    සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් මෙසේය. කො/රාජකීය විද්‍යාලය - කොළඹ 07, කො/විශාකා විද්‍යාලය - කොළඹ 05, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය- කළුතර, ර/ෆර්ගසන් උසස් විදයාලය - රත්නපුර, කු/මලියදේව බාලිකා විද්‍යාලය- කුරුණෑගල, කුලි/ශාන්ත ජෝශප් මහා විද්‍යාලය - කුලියාපිටිය, කෑ/කෑගලු බාලිකා විද්‍යාලය - කෑගල්ල, මහ/කිංස්වුඩ් විද්‍යාලය, ගා/විද්‍යාලෝක විද්‍යාලය - ගාල්ල, බ/විහාරමහා‍දේවි බාලිකා මහා විද්‍යාලය -බදුල්ල යන විද්‍යාලයි. 

     
    කොටසක් වසනු ලබන පාසල් වන්නේ කො/හින්දු විද්‍යාලය - කොළඹ 04, මීග/ශාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලය- මීගමුව, ගම්/බණ්ඩාරනායක මහා විද්‍යාලය - ගම්පහ, මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය - මහනුවර, අනු/අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය - අනුරාධපුර, මා/සුජාතා බාලිකා විද්‍යාලය - මාතර, බ/ශාන්ත ජෝෂප් මහා විද්‍යාලය - බණ්ඩාරවෙල, කල්/මහමුද් බාලිකා විද්‍යාලය - කල්මුණේ, මඩ/වින්සන්ට් උසස් බාලිකා මහා විද්‍යාලය - මඩකළපුව, වවු/වවුනියා දෙමළ මධ්‍ය මහා විද්‍යාලය - වවුනියාව, යා/ හින්දු විද්‍යාලය - යාපනය යනාදියයි. 

     

    උත්තරපත්‍ර ඇගයීම් සඳහා සම්පූර්ණයෙන් වසනු ලබන පාසල් 15 සැප්තැම්බර් 15 දින නැවත විවෘත කරන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya