මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ප්‍රශ්නවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සාමුහිකව කටයුතු කරනවා

    අගෝස්තු 01, 2014
    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඌව පළාත් සභා මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ තනිව තරග කළ ද ජාතික ප්‍රශ්නවලදි ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව සාමුහිකව කටයුතු කරන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

     අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ඊයේ (31) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    මීට පෙර පැවැති මැතිවරණවලදී ද සන්ධානයේ ඇතැම් පක්ෂ තනිව තරග කළා. එය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සන්ධානයක තිබෙන සුවිශේෂී ලක්ෂණයක් බවත් ජාතික නිදහස් පෙරමුණ තනිව තරග කළ ද ඉන් රජයේ ඡන්ද පදනමට බලපෑමක් සිදු නොවන බව ද අමාත්‍යවරයා පැවසීය.


    සන්ධානයේ පක්ෂ හා පුද්ගලයන් අතර විවිධ මත ගැටුම් ඇති වෙමින් තිබෙන බව දක්නට ලැබෙන බවත් එවැනි දේට රජය මුහුණ දෙන්නේ කෙසේදැයි මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ඕනෑම පක්ෂයක්, කණ්ඩායමක් තුළ යම් යම් ප්‍රශ්න ඇති වන බවත් සන්ධානයේ ඇති වන ප්‍රශ්නවලදී ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සෑම අවස්ථාවකම කටයුතු කර ඇති බව ප්‍රකාශ කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya