මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක ලේකම් මහනුවර නිරීක්ෂණ චාරිකාවක

    අගෝස්තු 01, 2014
    වර්තමාන ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනය හා අලංකරණය පිළිබඳ ප්‍රධාන සංකල්පධාරියා වන ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) දින මහනුවර නගරයේ පැරණි බෝගම්බර හිරගෙදර ආශ්‍රිත ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පරීක්ෂා කර බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 
     
    නගරවල ඇති පෞරාණික බව රැකෙන අයුරින් එහි ඇති පැරණි හා ගරාවැටුණු තත්ත්වයේ ඇති ගොඩනැගිලිවල පෞරාණික බව විනාශ නොකර නවීනතම තාක්ෂණයන් යොදා ඒවා ප්‍රතිසංස්කරණය කර රටේ ආර්ථිකයට සවියක් වන ආකාරයෙන් මෙම නගරයන් අලංකාර කිරීම සිදු කෙරේ. ඒ සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් අරඹා ඇති වැඩපිළිවෙළේ එක් අංගයක් වශයෙන් මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදී. 
     
    පසුගියදා රජයට භාරදෙන ලද  1876 වසරේ දී මෙරට පොලිස්පතිවරයාව සිටි එන්.ආර්. සෝන්ඩර්ස් මහතා විසින් ආරම්භ කරන ලද මුල්ම බන්ධනාගාරය වන සුප්‍රසිද්ධ බෝගම්බර බන්ධනාගාරය එහි ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කර එම ගොඩනැගිල්ල ආර්ථිකයට ශක්තියක් වන ආකාරයේ අති නවීන හෝටලයක් බවට පත්කිරීමේ වැඩකටයුතු ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ සැලසුම් කෙරෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කිරීමට නියමිතය. අක්කර 13ක් පුරා විසිර ඇති මෙය ශ්‍රී ලංකාවේ තිබූ දෙවන විශාලතම බන්ධනාගාරය ද වූ අතර මෙය සිර මැදිරි 318කින් සමන්විත විය.
     
    සංචාරකයින් විශාල පිරිසක් ඇදෙන මහනුවර නගරය මෙම ව්‍යාපෘතියත් සමඟම සංචාරකයින් හා ප්‍රදේශයේ ජීවත්වන්නන් සඳහා ඉදිකරනු ලබන ඇවිදින මංතීරු, විවේකය සඳහා ඉදිකරනු ලබන දර්ශනීය උද්‍යාන, දේශීය හා විදේශීය ආහාරපාන මිලදී ගත හැකි වෙළෙඳ ශාලා හා මහනුවර නගරයේ දීර්ඝකාලීන අවශ්‍යතාවක්ව පැවති වාහන නැවැත්වීමේ අංගනයකින් ද සමන්විත ඉතා ප්‍රියජනක ස්ථානයක් වෙනු ඇත. 
     
    මෙහිදී මෙම හෝටලය ඉදිකිරීම් සම්බන්ධව අදාළ නිලධාරීන් විසින් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරන ලද අතර මෙම හෝටලය ඉදිකරන භූමි භාගය මහනුවර නගරය මධ්‍යයේ ඇති බැවින් නගරය වටේ ඇති සෑම මාර්ගයකින්ම මෙම ඉදිකරනු ලබන නව හෝටලය සහිත භූමි භාගයට ඇතුළුවීම සඳහා අවශ්‍ය මංපෙත් විවර කරන ලෙසද මෙහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලදී.
     
    එසේම මෙම නිරීක්ෂණ චාරිකාවේ දී ආරක්ෂක ලේකම්වරයා විසින් පැරණි ඇහැලේපොළ වලව්වද නිරීක්ෂණය කර ලද අතර එය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ ව රාජපක්ෂ මහතා විසින් අදහස් දක්වන ලදී. මෙම ඇහැලේපොළ වලව්වද එහි ඉපැරණි ගෘහ නිර්මාණාත්මක අගය සුරැකෙන අයුරින් ප්‍රතිසංස්කරණය කර මෙහි පැමිණෙන ජනතාවට හා විදේශිකයිනට එහි ඇති කලාත්මක හා පෞරාණිකත්වය නැරඹිය හැකි දර්ශනීය ස්ථානයක් බවට මෙම ව්‍යාපෘතිය යටතේ පත්වනු ඇත. 
     
    මහනුවර නගරයේ කරන ලද චාරිකාවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතාගේ ආරාධනාවෙන් නගරයේ ඉදිකර තිබූ මහනුවර සිටි හෝටලය ද (Kandy Citi Hotel) විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එයටද සහභාගී විය.
     
    ආරක්ෂක ලේකම්වරයා විසින් මහනුවර නගරයේ සිදුකරන ලද නිරීක්ෂණ චාරිකාව සඳහා මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂාන් ද සිල්වා සහ ව්‍යාපෘතිය භාර නිලධාරීහු ද සහභාගී වූහ.
     
    DB/mod
     
    Kandy to take a giant leap forward 20140731 06p1
     
     
    Kandy to take a giant leap forward 20140731 06p11
     
    Kandy to take a giant leap forward 20140731 06p32

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya