මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ලොවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළේ වත්මන් රජයයි

    ජූලි 31, 2014
    නව ලොව නව දැනුම සමඟින් ඉදිරියට යන ජාතියක් ලෙස යල්පැන ගිය ක්‍රමවේදයක් අතහැර රටට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය අවශ්‍ය කටයුතු කර ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.
     
    සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනය නැමැති උදාර සංකල්පය යටතේ රටේ සෑම දරුවෙකුට ම අධ්‍යාපනයේ සමාන හිමිකම ලබාදෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වාදුන් වඩා අර්ථවත් හා ප්‍රායෝගික සංකල්ප නිසා නව පිබිදීමක් සිදුව ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    අනුරාධපුර, රඹෑව මහ විද්‍යාලීය ආරක්ෂිත තාප්පය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමට එක්වෙමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව පැවසීය. "දොරින් දොරට ගමින් ගමට - ඉසුරුමත් නිවහනක් අසිරිමත් මව්බිමක්" ව්‍යාපෘතිය යටතේ මෙම තාප්පය ඉදිකිරීමට රුපියල් ලක්ෂ තුනක් වැය කෙරේ.
     
    පාසල් දහසක් සංවර්ධන කිරීමේ ජනාධිපතිතුමන්ගේ සංකල්පය යටතේ රඹෑව මහ විද්‍යාලය සඳහා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් ඉදිකර අදාළ සියලු පහසුකම් ලබා දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් ම එය සිසු අයිතියට ලබාදුන් බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
     
    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා,  "ඉතා දිළිඳු පැල්පතේ ඉපදුණ දරුවාටත්, ආර්ථිකය ශක්තිමත් පවුලක දරුවාටත් එක සමාන අධ්‍යාපන පහසුකම් ලබාදීමට කටයුතු කළේ ද වත්මන් රජයයි. අද මේ රටේ සියලු දරුවන්ට ලෝකය දිනන්නට මඟ පාදා දී තිබෙනවා. එදා ඇති හැකි පවුල්වලට පමණක් සීමා‍ වී තිබූ පොදු පහසුකම් අද කිසිඳු භේදයකින් තොරව සියලු ජනතාවට ලබා ගැනීමට අවකාශ සලසා දී තිබෙනවා. දශක තුනක යුද්ධයෙන් ගිනිගෙන තිබූ මේ රට අද ඉතිහාසයේ කවරදාකටත් වඩා විශිෂ්ට දියුණුවකට හිමිකම් කියනවා.
     
    නියඟය, ගංවතුර වගේ ස්වභාවික විපත් වළක් වන්න රජයට අපහසුයි. ඇතැම් පිරිස් මේ නියඟයත් රජයේ වරදින් සිදුවූවක් බවට කියන්න උත්සහ ගන්නවා. නමුත් වගකිව යුතු රජයක් ලෙස ඕනෑම ආපදා අවස්ථාවක දී විපතට පත් වූ ජනතාවට සහන සලසන්න රජය කටයුතු කළා. මේ දිනවල පවතින දැඩි නියඟයට ද රජය විවිධ සහන සලසනවා. 
     
    සියලු සංවර්ධනයන් සිදුකරන්නේ මේ රටේ දරුවන් වෙනුවෙනුයි. එදා ගමේ පාසලට, නගරයේ පාසලට යන්න මාර්ග පහසුකම්, ප්‍රවාහන පහසුකම් තිබුණේ නැහැ. පාසලේ දී විද්‍යාගාරවල ඉංග්‍රීසි, ගණිතය වැනි විෂයන්ට අවශ්‍ය තරම් ගුරුවරු හිටියේ නැහැ. ඒ වගේ ම තාක්ෂණික විෂය ගැන දරුවෝ අහලවත් තිබුණේ නැහැ. නමුත් අද අපේ දරුවන්ට මේ සියලු පහසුකම් ලැබිලා.
     
    ඇතැම් දෙමව්පියන්ට මේවා ගැන අවබෝධයක් තිබෙනවා. නමුත් සුළු පිරිසක් මේ සංවර්ධනය නැත්නම් එදා සහ අද රටේ වෙනස ගැන කතා කරන්නේ අන්තගාමීවයි. කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ රජය රට සංවර්ධනය කරන්නේ මතු පරපුරේ අනාගතය දීප්තිමත් කිරීමට මිස මැතිවරණවලදී ඡන්දය බලාගෙන නොවෙයි. එදා ගංවතුර කාලෙට මේ පාසලට එන ඇතැම් දරුවොත් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. නමුත් අද එවැනි තත්ත්වයක් නැහැ. පාලම්, බෝක්කු දමා ගමේ සිට නගරය දක්වා විධිමත් මාර්ග පද්ධතියක් සකස් කර තිබෙනවා.                                                   
     
    එදා සාමාන්‍ය පෙළ, උසස් පෙළ අසමත් දරුවෝ සමාජයේ හුදකලා වුණා. නමුත් ජනාධිපතිතුමන්ගේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර, විද්‍යා පීඨ සංකල්පය නිසා දරුවෝ අතරමං වන්නේ නැහැ. ඔවුන්ට උපන් හැකියාවන්ගෙන් ලෝකය දිනන්නට වරම, මාර්ගය ලබා දී තිබෙනවා. තවත් වසර හතරකින්, පහකින් මේ රටේ දරුවෝ විශ්වය තරණය කරන්නට තරම් දැනුමින් සන්නද්ධ වන බව සිකුරුයි. එදාට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වටිනාකම අදටත් වඩා මේ රටේ ජනතාවට දැනේවි.”
     
    මෙම අවස්ථාවට රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති  ප්‍රසන්න තෙන්නකෝන සහ රඹෑව මහ විද්‍යාලයීය ගුරු භවතුන් හා සිසු දරුදැරියෝ විශාල පිරිසක් සහභාගී වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya