මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ යුද නෞකා දෙකක් කොළඹ වරායට

    ජූලි 31, 2014
    බංග්ලාදේශ යුද නැව් වන "ඔස්මාන්" (Osman)  හා "මධුමති" (Madhumati) ඊයේ (30) සුහද චාරිකාවක් සඳහා කොළඹ වරායට පැමිණි අතර එම නැව් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව පිළිගන්නා ලදී.
     
    ආරක්ෂක නෞකාවක් වන "ඔස්මාන්" ( F 18) මීටර් 103ක දිගින් යුතු වන අතර ටොන් 1702ක ජලෝත්පීඩනයකින් යුක්ත වේ. කපිතාන් එස්.එම්.ඒ.කේ. අසාද් යටතේ පවතින නෞකාවේ කර්යමණ්ඩලය 250ක් වේ. 
     
    "මධුමති" (P 911) වෙරළ මුර සංචාරක යාත්‍රාවක් වන අතර එය මීටර් 61ක දිගින් හා ටොන් 635ක ජලොත්පීඩනයකින් යුතු වේ. කපිතාන් එස්.එම් ෂරිෆ් උල් ඉස්ලාම් යටතේ පවතින නෞකාවේ කාර්යමණ්ඩලය 70ක් වේ.
     
    මේ නෞකා 2014 අගෝස්තු 02  දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර ඒවායේ කාර්යමණ්ඩලය නාවික හමුදා දෙක අතර මිත්‍රශීලි සම්බන්ධතා තර කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya