ජපාන යෂීමා වෙරළ ආරක්ෂක නෞකාවේ අණ දෙන නිලධාරී වෙරළාරක්ෂක අධිකාරි අකිහිරෝ හිරානෝ නාවික හමුදා මුලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමු විය. සුහද සාකච්ඡාවකින් අනතුරුව සිහිවටන හුවමාරු කරගැනීම ද සිදු විය. සුහද චාරිකාවක යෙදෙමින් පසුගිය 28දින කොළඹ වරායට පැමිණි "යෂීමා" නෞකාව අගෝස්තු 01දා තෙක් ශ්රී ලංකාවේ රැඳී සිටිනු ඇත. DB