මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් දරු පරපුර විශිෂ්ටයින් සහ ප්‍රමුඛයින් මුඛයින් බවට පත්කිරීමට සකසන මාවත අපගේ අභිමානවත් ඉතිහාස කතාවේ මතක සැමරුම් සහ අත්දැකීම් සමඟ ගොඩනැගිය යුතුයි- ජනපති

    ජූලි 04, 2019

    ඉහළ අධ්‍යාපනයක් ලැබුවත් රටට ආදරය කරන සහ රට ගැන හැඟීමක් ඇති දරු පරපුරක් ගොඩනැගිය හැක්කේ ඔවුන්ට රටේ අභිමානවත් ඉතිහාස කතාව පිළිබඳ දැනුමක් ලබාදීමෙන් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පොළොන්නරුව පුරාණ තාක්ෂණික කෞතුකාගාරය ඉදිරිපිට ඊයේ(03) පස්වරුවේ පැවති උත්සවය අමතමිනි.

    නූනත යුගයට ගැළපෙන නවීන තාක්ෂණය යොදාගෙන මිනිස් සංහතිය සතු වූ ඉපැරණි තාක්ෂණය අද වෙසෙන ජනතාවට අවබෝධ කර දීමේ අරමුණින් මෑතකාලීනව සිදු කෙරුණු විශාලතම ව්‍යාපෘතියක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරුණු මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

    ඒ නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර ශ‍්‍රී ලාංකේය අභිමානය කියා පාන සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙම නව තාක්ෂණික කෞතුකාගාරය ඉදිකෙරුණේ පොළොන්නරුවේ දරුවන්ට පමණක් නොව සමස්ත රටේම දරුවන්ට ශ‍්‍රී ලාංකේය අභිමානවත් ඉතිහාස කතාව පිළිබඳ අවබෝධයක් ලබාදීමට බවයි.

    තම දූ පුතුන් විශිෂ්ටයන් සහ ප‍්‍රමුඛයන් බවට පත්කිරීමට සිහින දකින සෑම දෙමව්පියෙකුම තම දරුවන්ට රටේ අභිමානවත් ඉතිහාස කතාව සහ අතීත උරුමයන් පිළිබඳ කියා දිය යුතු බව ද ජනාධිපතිතුමා ස`දහන් කළේය.

    අද ඉහළම අධි තාක්ෂණයක් ලබා ඇති කිසිදු රටක් ශ‍්‍රී ලංකා මාතෘභූමිය මෙන් අභිමානවත් ඉතිහාස කතාවකට උරුමකම් නොකියන අතර අපගේ මුතුන් මිත්තන් මහා තාක්ෂණික විශ්මිතයන් සිදුකළ යුගයේ එම රටවල් ඝන වනාන්තර බව ද කියා සිටියේය.

    අධ්‍යාපනයේ ඉසව් නව තාක්ෂණය සමග සීමාවකින් තොරව විහිද යන විට අපගේ අභිමානවත් ඉතිහාස කතාවේ තාක්ෂණික දැනුම සහ අත්දැකීම් එම නව අධි තාක්ෂණය සමග බද්ධ කර ගනිමින් ශ‍්‍රී ලාංකීය විශිෂ්ටත්වය ඉදිරියේ ද ලොව සිසාරා විහිදුවන්නට මෙම නව තාක්ෂණික කෞතුකාගාරය ඉවහල් වනු ඇති බවට ද ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළේය.

    ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරු, විද්වතුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා සනුජා කස්තුරිආරච්චි, ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya