ජනාධිපති කාර්යාලය,ආරක්ෂක අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය,ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙම ජාතික වැඩසටහන සංවිධානය කරයි.
ජූනි 26 දිනට යෙදෙන ''මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය තේමා කරගනිමින් මෙම ජාතික සතිය ක්‍රියාත්මක කෙරිණ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන ''ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය''ට සමගාමීව පාසල්,ආගමික ස්ථාන,රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන සමඟ මහජන සහභාගීත්වයෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීය.