අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමකාමී සහ විනයගරුක රටක් ගොඩනැඟීමට දැයේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදිය යුතුයි-ජනපති Featured

    ජූනි 29, 2019

    සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන විනයගරුක සහ සාමකාමී රටක් ගොඩනැඟීමට දැයේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව, තඹාල අල් හිලාල් මුස්ලිම් විද්‍යාලයේ නව තෙමහල් විද්‍යාගාර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදිමේ අවස්ථාවට ඊයේ(28) පෙරවරුවේ එක් වෙමිනි.

    රට තුළ ජාතින් වශයෙන් බෙදී වෙන්වී ගැටුම් ඇතිකරගතහොත් කිසිදු ජන කොටසකට යහපතක් සිදු නොවන බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ සියලු ජනකොටස් සහෝදරත්වයෙන් සහ සාමයෙන් ජීවත්වන සංවර්ධන වැඩපිළිවෙකට තමා කැප වී සිටින බව ද කියා සිටියේය.

    පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 280ක් වැය කරමින් තඹලා අල් හිලාල් මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල් විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසු කි‍්‍රයාකාරකම් නිරික්ෂණය කළේය.

    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.

    උතුරු මැද පළාත් ආණ්ඩුකර සරත් ඒකනායක මහතාද විදුහල්පති ඒ.වහබ්දීන් මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 186ක් වැය කරමින් තඹාල අල් රිෆායි මහා විද්‍යාලයේ ඉදිකෙරුණු පංතිකාමර 08කින් යුත් දෙමහල් ගොඩනැගිල්ල අද සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.

    එම විද්‍යාලයේ දී ද සිසු දරුවන් මහත් සෙනෙහසින් ජනාධිපතිතුමා පිළිගත් අතර පංතිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

    විදුහල්පති ඒ.අසීස් මහතා සහ ආචාර්ය මණ්ඩලය දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya