මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය නිවාරණයට ජාතික සැලැස්මක් Featured

    ජූනි 27, 2019

    ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය සහ තවත් අංශ එක් වී වඩාත් විද්‍යත්මක සහ ක්‍රමවත් අන්දමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මෙහෙයවීම සඳහා විශේෂ උපදේශක සභාවක් පත් කර ඇති අතර ඉදිරියේදී මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ජාතික සැලස්මක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ ජුනි 23 දින සිට ජූලි 01 දක්වා ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය පිළිබඳව අද(27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහනට එක්වෙමිණි.

    ඊයේ(26) දිනට යෙදී තිබුණ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ දිනය නිමිත්තෙන් රජය විසින් ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කළ අතර එම වැඩසටහන ඔස්සේ දැනට මත් ද්‍රව්‍ය භාවිතා කර නීතියේ රැහනට හසු වූ 11,000 පමණ පිරිසක් පුනරුත්ථාපනය කෙරේ.

    මත්ද්‍රව්‍ය භාවිතා කළද නීතියේ රැහැනට හසු නොවූ පුද්ගලයන් ලක්ෂයක් පමණ සිටින බවද නව යොවුන් වියේ පසුවන දරුවන් මීට ගොදුරු වීමේ ඉඩ කඩ වැඩි බවද ජනාධිපති ලේකම්වරයා පැවසීය.

    මෙය හුදෙක් රජයට පමණක් කළ නොහැකි කටයුත්තක් බවත් ඒ සඳහා ප්‍රජාවගේ සහයෝගයද අත්‍යාවශ්‍ය බවත් මේ පිළිබඳ තොරතුරු ලබා දෙමින්, මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ දරු දැරියන්, තරුණ තරුණියන් සිටී නම් ඒ පිළිබඳව අනාවරණය කරමින් මෙම ව්‍යසනයෙන් රට බේරාගැනීමට ජනතාව තම සහය ලබා දෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

    අපගේ තරුණ පරපුර මත අනාගතය රැඳී පවතින බව පැවසූ ජනාධිපති ලේකම්වරයා තරුණ තරුණියන් සහභාගී කර ගනිමින් ස්වේච්ඡා සංවිධාන මගින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණ , තරුණියන් ඉන් මුදවාගෙන ඔවුන්ගේ පෞරුෂය , හැකියාවන් ගොඩනැගීම සඳහා කටයුතු කරන බවද සඳහන් කළේය.

    එයට අමතරව මත්පැන් පානය කර රිය පදවන්නන්ට මෙන්ම පනවා ඇති නීති රීති තවදුරටත් පුළුල් කරමින් විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කර රිය පදවන්නන්ද හසු කර ගැනීම සඳහා නව නීති පනවන බවද ලේකම් වරයා අවධාරණය කළේය.

     මෙම අවස්ථාවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ජෞෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී.ඒ. ධනපාල මහතා,වෛද්‍ය දනුජ මහේෂ්, අන්තරායක ඖෂධ පාලන මණ්ඩලයේ සහ ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න යන මහත්ම මහත්මීන්ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya