අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති හා විපක්ෂ නායක අතර විශේෂ හමුවක්

    ජූනි 03, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ උද්ගත වී ඇති තත්වය හා රටේ ආර්ථිකය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇත.

    පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් සහ හානි සිදුවූ අයට වන්දි ගෙවීම පිළිබඳවත් කඩාවැටී ඇති සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කර ඇති අතර මෙම සාකච්ඡාවට සහභාගී වූ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා ආර්ථික තත්වය ගැන විස්තර කළ බව අග්‍රාමාත්‍ය උපදේශක,සංවර්ධන සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශණ ගුණවර්ධන මහතා රජයේ නිල වෙබ් අඩවියට පැවැසීය.

    මෙම සාකච්ඡාවට අගමැතිවරයා සමඟ මුදල් අමාත්‍ය මංගල සමරවීර,මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී, නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ද විපක්ෂනායකවරයා සමඟ බන්දුල ගුණවර්ධන මහතාද , සුසිල් ප්‍රේමජයන්ත,උදය ගම්මන්පිළ යන මහත්වරුන්ද සහභාගී වූහ.

    පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු රාට් පවතින ආර්ථිකය ගොඩනැගීම සදහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව මුදල් ඇමැති මංගල සමරවීර මහතා මේ සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද සුදර්ශන ගුණවර්ධන මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya