ජූනි 21, 2019
tami eng youtube  twitter facebook
    logo

    ප්‍රභූ වාහන ගමන් කිරීමේ දී මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොතබන ලෙස ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

    මැයි 23, 2019

    ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබේ.

     (21) දින  පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපතිතුමා මේ පිළිබඳ අවධානය යොමු කළේය.

    ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේ දී මාර්ග වසා තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ දැනුවත් කරන ලෙසත්, සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභූ රථ ධාවනය කිරීමට ඔවුන්ට උපදෙස් නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් අදාළ අංශ දැනුවත් කොට තිබේ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya