අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇත- අනියත බියකින් තොරව ඔබගේ දරුවන් පාසල්වලට යවන්න... Featured

    මැයි 21, 2019

    ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇත- අනියත බියකින් තොරව ඔබගේ දරුවන් පාසල්වලට යවන්න...

    ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව ඔබගේ දරුවන් පාසල්වලට  යැවීමට කටයුතු කරන ලෙස යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විශේෂ ප්‍රකාශයක්  කරමින් පවසයි.

    රටේ ආරක්ෂාව තහවුරු කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය දැඩි  කැපවීමකින් අවශ්‍ය සෑම ස්ථානයකට ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන ලදී.

    ත්‍රස්ත ප්‍රහාරය සිදු වී ඉතාමත් කෙටි කලයක් තුළ සන්නද්ධ හමුදා සේනාධිනායක,අතිගරු ජනාධිපතිතුමා විසින්  යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවට සාමය ආරක්ෂා කිරීමට සහ ත්‍රස්තවාදීන් විනාශ කිරීමට අවශ්‍ය සියලු බලතල  ලබාදුන් බැවින් යුද්ධ හමුදාව ත්‍රස්තයන් විනාශ කිරීමට සහ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වූවන් අත් අඩංගුවට  ගැනීමට සිදු කරන සියලු මෙහෙයුම් සහ පරීක්ෂණ සඳහා සිය උපරිම දායකත්වය ලබාදෙමින් සිටියි.

    මෙහෙයුම් සහ පරීක්ෂණ ඉතාමත් සාර්ථක ප්‍රගතියකින් ප්‍රතිඵලදායක ලෙස ඉදිරියට සිදු කරමින්  පවතියි.ත්‍රස්තවාදීන් ඉලක්ක කරගත් ආරක්ෂක අංශ මෙහෙයුම් සහ රට තුළ යොදා ඇති ආරක්ෂක වැඩපිළිවෙල  හේතුවෙන් රජයේ සහ පෞද්ගලික අංශවල සේවක සේවිකවන්ගේ සේවයට පැමිණීම සහ සාමාන්‍ය ජනතාවගේ  ජන ජීවිතය පවත්වාගෙන යෑම වර්තමානයේ ඉතා සතුටුදායක ලෙස වර්ධනය වී ඇත.

    මේ වසරේ දෙවන වාරය සඳහා පාසල් යළි විවෘත කළ මොහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ  වැඩපිළිවෙලක් සකස් කර තිබුණ ද, බොහෝ දෙමව්පියන් පැතිරගිය කටකතා තහවුරු නොකරගත් තොරතුරු  හේතුවෙන් තම දරු දැරියන් පාසල් වලට එවීමට මැලිකමක් දක්වන ලදී. මා මේ අවස්ථවේ සියලු දෙමව්පියන්  වෙත මතක් කර සිටිනුයේ සියලු පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ප්‍රමුඛතාවයක්  ලෙස සළකා ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව ඔබගේ දරුවන්  පාසල්වලට යැවීමට කටයුතු කරන ලෙසයි. ළමා පරපුර ප්‍රමුඛත්වය ලෙස සළකා ආරක්ෂාව සළසා ඇති හෙයින්  සියලු සිසු දරුවන් පාසල්වලට යොමු කරන මෙන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya