මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වල අධ්‍යයන කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇති බව විශ්වාසයයි-දරුවන්ගේ අධ්‍යාපනය සහ ආරක්ෂාව වෙනුවෙන් කැප වු දෙමව්පියන්ට තුති! Featured

    මැයි 06, 2019

    පසුගිය දිනවල සිදු වූ අවසනාවන්ත සිදුවීම් වලට සාර්ථකව මුහුණ දෙමින් රටේ කටයුතු යථා තත්ත්වයට  පත්කිරීමට සියලු දෙනා උත්සාහ කරමින් සිටින මොහොතක ඇතැම් කණ්ඩායම් විසින් ගෙනයනු ලැබූ අසත්‍ය  ප්‍රචාරයන් හමුවේ පටු දේශපාලනික ප්‍රකාශ හමුවේ වුවද තම දරුවන් පාසල්වලට යොමු කර දරුවන්ගේ  අධ්‍යාපනය සහ ආරක්ෂාව වෙනුවෙන් කැප වු සියලුම මාපියන්ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  මහතා සිය ස්තූතිය පිරිනමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

     අධ්‍යාපන අමාත්‍යාංශය මෙසේ ද කියයි.

    2019 වසරේ දෙවෙනි වාරය සඳහා පාසල් ආරම්භ කිරීම අද (06) සිදු විය. ඒ ආරක්ෂක මණ්ඩලය පුමුඛ ආරක්ෂක අංශ විසින් පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බව දැනුම් දීමෙන් අනතුරුවයි.

    කෙසේ වෙතත් අද දිනයේ සිසුන්ගේ පැමිණීම සාපේක්ෂව අඩු මට්ටමක පැවැති බව වාර්තා වී තිබේ.

    විශේෂයෙන් අගනුවර ආශ්‍රිත පාසල්වල මෙම තත්ත්වය වැඩි වශයෙන් පැවැති අතර බොහෝ ග්‍රාමීය පාසල්වල දරුවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවැති බව එම ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීන් විසින් තහවුරු කර තිබේ.

    අද (06) දිනයේ ගුරුවරුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පැවැති අතර බොහෝ පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු දෙනා රාජකාරියට වාර්තා කර තිබීම විශේෂත්වයකි.

    ඒ අතරතුර ඇතැම් පාසල් වල් සිසුන්ගේ පැමිණීම 80% ඉක්මවූ අවස්ථාද වාර්තා විය.


    1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා වන පන්ති සහ ප්‍රාථමික පාසල් අද දිනයේ ආරම්භ නොවූ අතර එම පාසල් එළැඹෙන සඳුදා (13) දෙවෙනි පාසල් වාරය වෙනුවෙන් විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

    ඒ අනුව ක්‍රමයෙන් පාසල්වල අධ්‍යයන කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇති බව අපගේ විශ්වාසයයි.

    එමෙන්ම පසුගිය දිනවල සිදු වූ අවසනාවන්ත සිදුවීම් වලට සාර්ථකව මුහුණ දෙමින් රටේ කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට සියලු දෙනා උත්සාහ කරමින් සිටින මොහොතක ඇතැම් කණ්ඩායම් විසින් ගෙනයනු ලැබූ අසත්‍ය ප්‍රචාරයන් හමුවේ පටු දේශපාලනික ප්‍රකාශ හමුවේ වුවද තම දරුවන් පාසල්වලට යොමු කර දරුවන්ගේ අධ්‍යාපනය සහ ආරක්ෂාව වෙනුවෙන් කැප වු සියලුම මාපියන්ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය ස්තූතිය පිරිනමන අතර එම කටයුතු සාර්ථක කරගැනිමට කැපවීමෙන් ක්‍රියාකරන ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් ඇතුලු පාසල් ප්‍රජාවට ද සිය කෘතවේදිත්වය පලකළේය.

    මෙවැනි තත්වයක් තුළ දී වුවද ජනතාව නොමඟ යවන ඇතැම් වෘත්තීය සමිති විසින් සිය වෘත්තීය සමිති ජනප්‍රිය කරවා ගැනීමේ අරමුණින් විවිධ අසත්‍ය මෙන්ම ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරමින් සිටින බව පෙනෙන්නට තිබේ..ඔවුන් තවදුරටත් ජනතාව මුලා කරමින් සිටින අතර එවැනි ක්‍රියාවන් වගකිව යුතු අමාත්‍යාංශයක් ලෙස අප තරයේ හෙළාදකිමු.

    ජනප්‍රිය සටන් පාඨ කියමින් සමාජය මුලා කොට සාමාජිකත්ව ප්‍රවර්ධනයේ යෙදෙන ඊනියා වෘත්තීය සමිති වලට වඩා දරුවන් සහ පාසල් පිළිබඳ වගකීමක් රජයට සහ ආරක්ෂක අංශ වලට ඇති බව සිහිපත් කිරීමටද මෙය අවස්ථාවක් කරගන්නා අතර මෙවැනි සංවේදී මොහොතක කළ යුතුව තිබෙන්නේ වාද භේද දුරලා එකට එක්ව දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ නොදී කටයුතු කිරීම මිස අවස්ථාවාදී අරමුණු හඹායාම නොවන බවද අවධාරණය කරමු.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya