අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 වසරට සමරු මුද්දර සඳහා යෝජනා කැඳවයි Featured

    ජූලි 29, 2014
    2015 වර්ෂය සඳහා නිකුත් කිරීමට අවශ්‍ය සමරු මුද්දර සඳහා සුදුසු තේමාවන් සලකා බැලීම සඳහා යෝජනා ලබාගැනීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් සිදුවීම්, සංවත්සර සැමරුම්, සම්භාවනීය පුද්ගලයන්, ස්වභාව සෞන්දර්යය, ක්‍රීඩා, ජාතික අභිමානය පෙන්නුම් කරන සහ සංස්කෘතික අවස්ථාවන් පිළිඹිමු වන තේමාවන් මේ යටතේ යෝජනා කළ හැකිය.
     
    අදාළ යෝජනාව සමග එහි වැදගත්කම පිළිබඳ ව කෙටි විස්තරයක්, සංවත්සර දිනයන් හා අදාළ යෝජනාව සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් තොරතුරු පිළිබඳ ලිඛිත සාක්ෂි සමග යෝජනාකරුගේ නම, ලිපිනය, දූරකතන අංකය, විද්‍යුත් ලිපිනය හා අත්සන සහිතව ඉදිරිපත් කළ යුතුය.
     
    යෝජනාවන් 2014 සැප්තැම්බර් 30 වැන දිනට ප්‍රථම ලැබෙන සේ අධ්‍යක්ෂ, මුද්දර කාර්යාංශය, තැපැල් මූලස්ථානය, අංක 310, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 ලිපිනයට එවිය යුතුය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya