අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව තීන්දු ගන්නේ පාක්ෂිකයන්ගේ මතය අනුවයි Featured

    ජූලි 27, 2014

    අද මේ රජයේ සංවර්ධන පරිවර්තනයේ සැබෑ කොටස් කාරයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමුන්නාන්සේලායි. අපි ඒ පිළිබඳව තමුන්නාන්සේලාට උපහාරය පුදකරනවා. පක්ෂය ජයග්‍රහණය කිරීමට පමණක් නො ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුණ වෙලාවෙත් එය රැකගන්නට පෙරමුණ ගත්තේ පාක්ෂිකයොයි. ඒ නිසා අද අපිට ශක්තිමත් රජයක් ලැබිලා තියෙනවා.


    ශ්‍රීලංකා නිදහස් පක්ෂයට විතරක් වුණත් පුළුවන් ආණ්ඩුවක් කරගෙන යන්න. එහෙම කියලා අපේ සහෝදර පක්ෂ හෑල්ලු කරන්නේ නැහැ. ඒ වුණත් අපි තීන්දු ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මතයට ගරු කරලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලොකු බලයක් ලැබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය බලය කාලෙයි.


    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ දඹදෙණිය ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විසින් සංවිධානය කළ රට නගමු නිල් රැල්ල සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි. ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි රජයේ සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන රට නගමු නිල් රැල්ල ආසන නියෝජිත සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් අද (26) පෙරවරුවේ දඹදෙණිය මහරච්චිමුල්ල ප්‍රදේශයේදී පැවැත්විණ .
     

    මෙහිදී තව දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා ; ශ්‍රීලංකා නිදහස් පක්ෂය විවිධ යුගවලදී රටට අවශ්‍ය නායකයන් බිහිකළා. එක්සත් ජාතික පක්ෂයේයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේයි වෙනස තමයි එක්සත් ජාතික පක්ෂය හැමවිටම අධිරාජ්‍යවාදිගැති තීන්දුයි ගන්නේ. නමුත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික චින්තනයට ගරු කරන මේ රටේ ග්‍රාමීය ජනතාව ගැන හිතලයි තීන්දු ගන්නේ. මේ රටේ සැබෑ දේශපාලන පරිවර්තනයක් කළේ බණ්ඩාරනායක අගමැතිතුමයි.


    එදා වරප්‍රසාදලත් පන්තියට තිබු වරප්‍රසාද මේ රටේ සාමාන්‍ය ජනතාවට ලබාදුන්නේ බණ්ඩාරනායක අගමැතිතුමයි. විශේෂයෙන් ගමේ තරුණයන්ට විශ්වවිද්‍යාලවලට එන්න වරම් ලබා දුන්නෙත් එතුමයි. අද එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියනවා. විධායක ජනාධිපති ක්‍රමය ගෙනා එක්සත් ජාතික පක්ෂයම එය වෙනස් කරන්න කියන එක දේශපාලන ඉතිහාසයේ සරදමක්. නමුත් එය එක එක්කෙනා කියන විදියට කරන්න බැහැ.


    විධායක ජනාධිපති ක්‍රමය ගැන අපේ සන්ධානය ඇතුළෙත් විවිධ මත තියෙනවා, මොනවා වුනත් අපි තීන්දු ගන්නේ අපේ පාක්ෂිකයන්ගේ මතය බලලයි. අපේ පක්ෂය මිනී  මරපු පක්ෂයක් නොවෙයි. ඒ නිසා අපේ පාක්ෂිකයන්ට අභිමානයෙන් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරන්න පුළුවන්, අපි ලබා ගත්  සාමය රැකගන්න ඕන, කටකථාවලට බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. අපි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව රැකගන්න ඕන.


    මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස්, ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක අමාත්‍යවරුන් ඇතුළු දේශපාලඥයෝ පිරිසක් සහභාගි වූහ.


    HC/WA

    Minister Nimal at Dambadeniya 1

    Minister Nimal at Dambadeniya 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya