අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා'' සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන් ...

    මාර්තු 25, 2019
    ''විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා, සම්මාන උලෙළ පසුගියදා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. 
     
    වසර 02 කට වරක් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරන මෙම විශිෂ්ටතා සම්මාන උලෙළ මෙවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීම විශේෂ අවස්ථාවක් විය. 
     
    විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ප්‍රධාන ක්ෂේත්‍ර 06ක් යටතේ  ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සිදුකරන  සේවය ඇගැයීමට ලක් කරමින් සම්මාන පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පර්යේෂණාත්මක සංස්කෘතියක් ඇතිකිරීම සහ දියුණු කිරීම වෙනුවෙන් සිදුකරන ලද විශිෂ්ට සේවය උදෙසා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් මෙහි දී ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.
     
    නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක් විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya