අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අප්‍රේල්10-මාධ්‍ය විකාශන ශ්‍රේණිගත කිරීම විනිවිදභාවයකින් සිදුකිරීමට විධිමත් ක්‍රමවේදයක්-දැන් අවශ්‍ය වන්නේ වාරණය නොවෙයි,ප්‍රමිතිකරණයයි Featured

    මාර්තු 23, 2019

    උසස් මාධ්‍ය ප්‍රමිතීන් දිරිමත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට මූලික කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවත් සම්මාන උළෙල එළඹෙන අප්‍රේල් 10 දින කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බවත් ජනමාධ්‍ය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය රුවන්  විජේවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.

    මාධ්‍ය විකාශන ශ්‍රේණිගත  ක්‍රමවේදය විනිවිදභාවයකින් සහ විශ්වාසනීයවන්තව සිදු කිරීමට විධිමත් ක්‍රමවේදයක් ඉදිරි කාලයේ සකස් කළ යුතු වෙනවා යැයි පැවසූ අමාත්‍යවරයා අඳහස් දක්වමින් මෙසේ ද පැවසී ය

    වත්මන් රජය මාධ්‍ය ක්ශේත්‍රය තුළ සිදු කිරීමට අපේක්ෂා කරන ප්‍රසස්ථ මදිහත්වීම්,සඳහා නායකත්වය දීම සහ මේ  රට තුළ සුවිශේෂී සලකුනක් තැබූ මාධ්‍ය පරපුරක,ගෞරවය ආරක්ෂා කිරීමටත් මා උර මත පැවරී තිබෙනවා. ජනමාධ්‍ය ගැන කතා කරනවිට ප්‍රධාන සටන් පාඨය වන්නේ මාධ්‍ය නිදහසයි.මිනිස් සමාජය තුළ තොරතුරු හා  දැනුම සීමා වූ යුගයක් තිබුණා. එම යුගයේ තොරතුරු සැගවීමෙන් මිනිසුන් පාලනය කිරීමට හැකියාවක් තිබුණා.

    වත්මන් ඩිජිටල් යුගය තුළ තොරතුරු මූලාශ්‍ර විෂ්මය ලෙස සුලබ වී තිබෙනවා. අපේ රටේ ජනගහනයටත් වඩා  දුරකතන තිබෙනවා. සමාජ ජාල වෙබ් අඩවි විසින් අද සෑම කෙනෙක් ම පුවත් මවන්නෙක් බවට පත් කර  තිබෙනවා.මේ යුගයේ තොරතුරු සැගවීම, තහංචි දැමීම, වාරණය කල හැක්කක් නොවේ.

    දැන් සිදුවන්නේ තොරතුරු සැඟවීම නොවෙයි. තොරතුරු විකෘති කිරීමයි. තොරතුරු අවභාවිතයයි. තොරතුරු  පිළිබඳ වගකීම පැහැර හැරීමයි. දැන් අවශ්‍ය වන්නේ වාරණය නොවෙයි,ප්‍රමිතිකරණයයි.බොරු ශීර්ෂ පාඨ  පලකිරීම මාධ්‍ය නිදහස නොවෙයි. පාටකයාට අයිතියක් තිබෙනවා,පුවතේ මූලාශ්‍ර ඉල්ලන්න. මේ තත්ත්වය  වළක්වන්න නීතිරීති සහ තහංචි පැනවීම වෙනුවට සමාජය තුළ පුළුල් කථිකාවක් ගොඩනැඟීම මාගේ  අමාත්‍යාංශයේ ප්‍රධාන වගකීමක් වෙයි.

    රාජ්‍ය මාධ්‍ය කියන්නේ පාලකයන්ගේ තොරතුරු නොවන බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයා කියන්නේ රාජ්‍ය මාධ්‍ය  සියල්ලගේ සී.ඊ .ඕ.(CEO) කෙනෙකු නොවන බවත් මා හොඳින් තේරුම් ගෙන තිබෙනවා. අපේ මාධ්‍ය ආයතනවල ඉන්න ඇතැම් වෘත්තිකයන් මෙය තවමත් තේරුම් ගෙන නෑ.

    ඔවුන් තම වෘත්තියයි,දේශපාලනයයි පටලවාගෙන සිටිනවා.මේ වහල් චින්තනයෙන් අපේ රාජ්‍ය මාධ්‍ය මුදාගත  යුතු වෙනවා.රාජ්‍ය මාධ්‍ය ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා වූ අරගලය තුළ අත් නොහරින වගකීමක් ලෙස  සංහිදියාව, සහ සහජීවනය ඇති කිරීම, අධ්‍යාපනය, සංස්කෘතිය, ජනතාව පෝෂණය ,සංවර්ධනය සමඟ ජනතා  ඒකාබද්ධ කිරීම ජාතික ප්‍රමුඛතාවන් මාධ්‍ය විසින් ඉටු කළ යුතු බව මාගේ විශ්වාසයයි.

    මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අපේක්ෂා කරන පරිවර්තනය සිදු කිරීමේ එහි මූලික ඒකකය ලෙස හඳුනාගන්නේ  මාධ්‍යවේදියයි.ඔහු දැනුමෙන් හා පුහුණුවෙන් සවිබල ගැන්වීමට ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන වැනි  දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති තවදුරටත් ශක්තිමත් කර ඉදිරියට ගෙන යන්න අප බලාපොරොත්තු වෙනවා.

     ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පුහුණු ආයතනයක් ඇරඹීමට සැලසුම් කොට තිබෙනවා. උසස් මාධ්‍ය ප්‍රමිතීන් දිරිමත්  කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට මූලික කටයුතු මේ වනවිට සිදු කරමින්  පවතිනවා.සම්මාන 54ක් පිරිනැමෙන මෙම සම්මාන උළෙල එළඹෙන අප්‍රේල් 10 දින කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

    යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමේ දී රාජ්‍ය මාධ්‍ය මෙන් ම පෞද්ගලික මාධ්‍ය ඉතා වගකීමෙන්  කටයුතු කළ යුතුයි.මාධ්‍ය අදුරු යුගය අප අවසන් කළ මුත් එහි සෙවණැලි හොල්මන් කරනවා.මාධ්‍ය විකාශන  ශ්‍රේණිගත කිරීම ක්‍රමවේදය විනිවිදභාවයකින් සහ විශ්වාසනීයවන්තව සිදු කිරීමට විධිමත් ක්‍රමවේදයක් ඉදිරි  කාලයේ සකස් කළ යුතු වෙනවා.

    මාධ්‍යවේදීන්ට අප බලපෑම් කර නෑ. සුදු වෑන් සංස්කෘතියක් නෑ. දමිළ මාධ්‍යවේදීන් ඝාතනය වුණා. ඒ ඝාතනයට  ලක් වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වලට යම් කිසි වන්දියක් ලබාදීමට මා සමඟ සාකච්ඡා කළා. ඒ ඉල්ලීම ක්‍රියාත්මක  කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම රජ්‍ය ආයතන හොඳ මට්ටමකට ගේන්න කටයුතු කරනවා යැයි ද  අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya