මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 12 ක් ...

    මාර්තු 21, 2019

    දිවයිනේ නන්දෙසින් ඓතිහාසික කතරගම පුදබිමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් ස්ථාපනය කරන ලද  ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 06 ක් ජනතා අයිතියට පවරාදීම   (19) සහ   (20) දෙදින සිදු විය.

    කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව මුහුණ දී සිටී දීර්ඝකාලීන ගැටලුවක් වූ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ මෙම ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති ඉදිකිරීමට පියවර ගැනිණි.

    පසුගියදා කතරගම පුදබිම වැද පුදා ගැනීමට ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙතින් කතරගම මහා දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ද මේ පිළිබදව ඉල්ලීමක් සිදු කළේය.

    ඒ අනුව කතරගම පුදබිම තුළ සහ ඒ අවට විහාරස්ථාන සහ පාසල් කේන්ද්‍රකර ගනිමින් ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 12 ක් ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙන අතර ඉන් ජල පද්ධති 06 ක කටයුතු අවසන් කර අද මෙලෙස ජනතා අයිතියට පවරාදීම සිදු විය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ගොඩනංවන ලද ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437 ක ප්‍රතිපාදන යොදවමින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ධව ඉදිකරන ලද මෙත්සිරි සෙවණ වකුගඩු රෝගි සහන සත්කාර සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථාන ජනතා අයිතියට පවරාදීම සහ 600 වන ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය ඉසුරුමුණිය විහාරස්ථානයේ දී විවෘත කිරීම අද පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ඊට සමගාමීව කතරගම පුදබිමේ සහ ඒ අවට ස්ථාපනය කළ ජල පද්ධති විවෘත කිරීම දහම් සිරිසේන මහතා අතින් සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya