අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජකීය පණ්ඩිත පූජ්‍ය නරමානේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    පෙබරවාරි 20, 2019

    අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද පූජ්‍ය නරමානේ ශ්‍රී බුද්ධ රක්ඛිත නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  (19) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීය.

    පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමය හා මොරටුව එගොඩඋයන ශ්‍රී ජිතේන්ද්‍ර චෛත්‍යාරාමය යන උභය විහාරාධිපතිව වැඩ විසු උන්වහන්සේ ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමට සවිය දුන් ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයෙහි සංස්කාරකවරයෙකු ද විය.

    විශිෂ්ට ධර්ම ග්‍රන්ථ රැසක් දැයට දායාද කළ උන්වහන්සේ සාහිත්‍ය කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර වැනි ගෞරව උපාධිවලින් ද පිදුම් ලැබූ අතර කෝට්ටේ කල්‍යාණි සාමාග්‍රී සංඝ සභාවේ මහෝපාධ්‍ය ධුරයෙන් ද පිදුම් ලැබීය

    උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති මොරටුව එගොඩඋයන ශ්‍රී ජිතේන්ද්‍ර චෛත්‍යාරාමය වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

    රාජකීය පණ්ඩිත පූජ්‍ය නරමානේ ශ්‍රී බුද්ධ රක්ඛිත හිමිපාණන් වහන්සේ පිදුම් ලද ගෞරව සම්මාන ඇතුළු අතීත සැමරුම් ද මෙහිදි ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya