මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ජල ගැටලූවට කඩිනම් විසඳුම් ලබාදිය යුතුයි- ජනපති

    පෙබරවාරි 13, 2019

    උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලූවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ, උතුරු පළාත සඳහා යෝජිත ජල ව්‍යාපෘති ආශ්‍රිත ප්‍රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන් ඊයේ(12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

    මෙහි දි අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වූ එම ප්‍රදේශවල ජනතාවට තම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් නිසි ලෙස සම්පාදනය කළහොත් උතුරේ සෙසු සංවර්ධන ගැටලූවලට ද ඒ සමගම විසඳුම් හිමිවන බවයි.

    මේ අතර රත්නපුර, කෑගල්ල, කලූතර ප්‍රදේශ යටකරමින් ගංවතුර ලෙස නිකරුනේ මහ මුහුදට ගලා බසින ජල කඳ නළ මඟින් උතුරට ගෙන යාමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් කි්‍රයාවට නැංවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහි දී බලධාරින්ට පෙන්වා දුන්නේ ය.

    පාරිසරික විනාශයකින් තොරව කි්‍රයාත්මක කෙරෙන එම ව්‍යාපෘතිය මගින් කඩිනමි සහ සාර්ථක ප්‍රතිඵල උතුරේ ජනතාවට හිමි වනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

    උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා කි්‍රයාත්මත සෙසු ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහි දී සමාලෝචනයට ලක් කෙරිණි.

    යෝජිත උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය, නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 2020 දී කි්‍රයාත්මක කිරීමට යෝජිත ,යාපනයට ගඟක්, ව්‍යාපෘතිය පිළිබඳව මෙන්ම උතුරු හා උතුරු මැද පළාත ආශ්‍රිතව ජයිකා ආධාර යටතේ සිදුකෙරෙන එල්ලංගා පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබ`දව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

     මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya