අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    71වැනි ජාතික දින උළෙල අභිමානවත් ලෙස පැවැත්වීමට සියල්ල සූදානම්

    ජනවාරි 23, 2019

    ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික නිදහස් දින මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4වැනි දින පෙරවරු 8.00 ට කොළඹ,  ගාලුමුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

    මෙවර ජාතික නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබුහිම් මොහොමඩ්  සොලීහ් මහතා සහ එම මැතිනිය සහභාගිවන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත්  සභා ඇමති වජිර අබේ වර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) කොළඹ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    71වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් 2019 පෙබරවාරි 01 වැනි දා සිට 07 වැනිදා දක්වා පුරා සතියක  කාලයක් සෑම රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට සහ  පෙබරවාරි 03 සහ 04 දිනවල දී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට කටයුතු කරන්නැයි රජය  දැනුම් දී තිබේ.

    එමෙන් ම පෙබරවාරි 01 වැනිදා සිට 07 වැනිදා දක්වා වූ සතිය තුළ සෑම නිවසකම, ව්‍යාපාර ස්ථානයකම ජාතික  ධජය ඔසවන ලෙස මහජනතාව ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසී ය.

    මෙවර ජාතික නිදහස් දින උළෙල නර්ථන හා වාදන ශිල්පීන් 856 දෙනෙකු සහ සහභාගිවන සංස්කාතික  පෙරහැරකින්, ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ  ජාතික ශිෂ්‍යභට බලකායේ ආචාර පෙළපාලියකින් ද විචිත්‍ර වනු ඇත.

    ප්‍රධාන ජාතික දින උළෙල බස්නාහිර පළාතේ කොළඹ පැවැත්වෙන බැවින් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල හැර  දිවයිනේ අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයැවීමෙන් ජාතික දින  උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.

    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි, රජයේ  ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කලුවැව සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන යන මහත්වරුන් ද මෙම  මාධ්‍ය හමුවට සහභාගි වූහ,

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya