අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් ජනාධිපති ඉටු කරමින් සිටින්නේ උදාර මෙහෙවරක් - මල්වතු අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ

    ජනවාරි 09, 2019

    මහ මන්දිර බැහැර කරමින් පොදු ජනතාව අතර සිට ජනතාවට සේවය කරන ජනපති අද රටත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ උදාර මෙහෙවරක් බව ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරයි.

    මත්ද්‍රව්‍ය වැනි බිහිසුණු උවදුරුවලින් සමාජය ගලවා ගනිමින් අධ්‍යාත්මික ගුණවගාවෙන් රටත් ජනතාවත් සුපෝෂණය කිරීමට ඉකුත් සිව් වසර තුළ ජනපතිගේ නායකත්වයෙන් සුවිශේෂී වැඩකොටසක් ඉටු වූ බව සඳහන් කළ උන්වහන්සේ, ඉදිරි වසර පමණක් නොව තවත් වසර 05 ක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත්, සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ආරාධනා කරන බව ද ප්‍රකාශ කළේය.

    මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ විහාරස්ථාන වෙත පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (09) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය අමතමිනි.

    සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන 60 කට ආසන්න ප්‍රමාණයකට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු වූ අතර ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව විහාරාධිපති ස්වාමින් වහන්සේලා කිහිප නමක් වෙත පූජා ඔප්පු පිළිගැන්විණි.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ්. ගුණසේකර, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya