මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදා තිබූ තත්ත්වය අද වෙනස් වෙලා

    ජූලි 25, 2014
    අතීතයේ දී මහනුවර සිට කොළඹට යන්නේ නම් තාත්තා බස් එකෙනුත්, අම්මා කෝච්චියෙනුත් ගමන් කළේ අනතුරක් වුවහොත් එක්කෙනකු හරි බේරීමට අවශ්‍ය නිසා බවත් අද එම තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා මහනුවර පුෂ්පදාන ශ්‍රවණාගාරයේ දී පැවති සෙංකඩගල ආසනයේ  "රට රකින නිල් රැල්ල - සුරකිමු මව්බිම"තේමාවෙන් පැවැත්වෙන ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.
     
    "වෙරළබඩ ප්‍රදේශය බ්‍රිතාන්‍ය අත්පත් කරගෙන තිබුණා. ඇතුලේ භේද ඇති කරමින් තිබුණේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ ඔහුගේ වටේ හිටපු අය සමග භේද ඇතිකරා. එහෙම ප්‍රශ්න ඇතිකරලා තමයි  බ්‍රිතාන්‍ය අපිව යටත් කරේ. උඩරට ප්‍රදේශයේ නිදහස නැති වූයේ අන්න ඒ විදියට. 
     
    "හැම රටකටම ආවේණික සංස්කෘතියක් තියනවා. සියල්ලම අමතක කරලා විදේශීය ප්‍රතිපත්ති නිසා තමයි ශෝචනීය තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. එහෙම කිසි දෙයක් අපේ රටේ ඇතිවෙන්න ඉඩ තියන්න හොඳ නෑ. අපිට රැකගන්න ගොඩක් දේවල් තියනවා. ඒකට අපිට මේ නිල් පවුර අවශ්‍යවෙලා තියනවා. ඉස්සර අපිට මෙහෙම වාඩිවෙලා කතාකරන්න වාතාවරණයක් තිබ්බේ නෑ. අපි හිටියේ බයෙන්". 
     
    තමන්ගේ මහන්සියෙන් අධ්‍යාපනයක් ලබාගෙන ඉදිරියට යෑමට අවස්ථාව අද සියලු දෙනාටම තිබෙන බවත් අධ්‍යාපනය ලැබීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දරුවන්ට අවස්ථාවන් ඇතිකර දී ඇති බවත් පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya