මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුගස්තොට, ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබද ගැටථවට කඩිනම් විසදුම්- ජනපතිගෙන් බලධාරින්ට උපදෙස්

    ජනවාරි 04, 2019

    මහනුවර නගරයේ ප්‍රධාන පාරිසරික ගැටථවක් බවට පත්ව ඇති කටුගස්තොට, ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබද ගැටථවට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    මීතොටමුල්ල වැනි තවත් ඛේදවාචකයකට ඉඩ නොතබා එම ගැටලූව විසදීම සදහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා බලධාරීන්ට අවධාරණය කළේ ගොහාගොඩ කසළ කළමණාකරණ මධ්‍යස්ථානයේ කටයුතු විධිමත් කිරීම පිළිබද ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

    මහනුවර මහ නගර සභාව ඇතුථ පළාත් පාලන ආයතන කිහිපයක කැළි කසල බැහැර කිරීම සදහා යොදා ගනු ලබන කටුගස්තොට ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබද ගැටථ රැසක් මතුව තිඛෙන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

    ජනතාව පීඩාවට පත්වීමට ඉඩ නොතබා විධිමත් කසල ප්‍රතිචක්‍රීය ක්‍රමවේදයක් ඔස්සේ එම කසළ බැහැර කිරීමට කටයුතු කරන ලෙසත්, නගර සභාව සහ පළාත් සභාව එක්ව ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් කි්‍රයාවට නංවන ලෙසත් උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ සදහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වෙත ද උපදෙස් ලබා දෙනු ලැබීය. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළුනිලධාරිහු මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya