අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදහම් යාත‍්‍රා 45 වැනි දම් සභාව ජනපති සහභාගිත්වයෙන් ගම්පහ ජාත්‍යන්තර සාම විහාරස්ථානයේ දී

    දෙසැම්බර් 22, 2018

    සෑම පුන්පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථායක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 45 වැනි දම් සභාව උදුවප් පොහොය යෙදී තිබූ අද (22) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සභභාගිත්වයෙන් ගම්පහ ජාත්‍යන්තර සාම විහාරය කේන්ද්‍රකර ගනිමින්  පැවැත්විණි.

    අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති  බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක, ගම්පහ දිස්ත්‍රික් පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරි සංගමයේ උප සභාපති ගෞරව ශ්‍රාස්ත්‍රවේදී, පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි ස්වාමීන්වහන්සේ බැහැ දැක, පිරිකර පූජා කරමින් උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය.

     අනතුරුව ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය.

     මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූයේ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේය. උන්වහන්සේට ද පිරිකර සහ ධාතු කරඩුවක් ජනාධිපතිතුමා විසින් පූජා කරනු ලැබීය.

     මැති ඇමතිවරු, ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දහම්පාසල් දරු දැරියන් ඇතුඑ ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya