අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරු සම්මත ගිණුම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන පියවරක්- අග්‍රාමාත්‍ය Featured

    දෙසැම්බර් 21, 2018

    අතුරු සම්මත ගිණුම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන පියවරක් බවත් නොවැම්බර් අයවැයෙන් ජනතා සහන ලබාදීමට බලාපොරොත්තු  වුණත් ඇති වූ අර්බුදය හේතුවෙන් එය කිරීමට නොහැකි වූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    2019 ජනවාරි 01 දිනයෙන් ආරම්භ වී 2019 මුදල් වර්ෂයේ සේවාවන් සඳහා ප්‍රතිලාභ සැලසෙන විසර්ජන පනත ආරම්භ වන දිනයට  පෙරාතුවම වූ දිනය හෝ 2019 අප්‍රේල් 30 වන දිනය යන දින දෙක අතුරින් පලමුව එළඹෙන දිනයෙන් අවසාන වන කාලසීමාව සඳහා අතුරු සම්මත ගිණුම යෝජනා සම්මතය පිළිබඳ විවාදයේ දී අඳහස් දවමින් අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

    පාර්ලිමේන්තුවේ දී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා:
    නොවැම්බර් අයවැයෙන් ජනතා සහන ලබාදෙනන බලාපොරොත්තු වුණේ. ඇති වූ ව්‍යවස්ථා අර්බුදය නිසා එය කළ නොහැකි වුණා.  මේ රටේ මුදල් පාලනය කරන්න ඕන පාර්ලිමේන්තුවටයි. එය කාටවත් පාලනය කරන්න බැරි වුණා. අධිකාරණය තීන්දුවෙන් එය සහතික වෙලා තිබෙනවා. මේ රටේ ආණ්ඩුවක් ගෙන යා හැක්කේ බහුතරයක් තිබුණොත් පමණයි. මේවා පිළිගෙන වැඩ කළ යුතුයි.  අතුරු සම්මත ගිණුම ගෙන්න සිදු වුණේ මේ අර්බුද නිසයි. අතුරු සම්මත ගිණුම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන පියවරක්. මුදල් නැති  වෙනවා. පඬි ගෙවන්න මුදල් තිබුණේ නෑ. දැන් මුදල් ලබා ගන්න වැඩ කටයුතු කරගෙන යන්නේ. සංවර්ධන වැඩසටහන් නැවතුනා.  ගම්පෙරළිය නැවතුණා. එය පටන් ගන්න. වුවමනා මුදල් ජනවාරි මස සිට යවන්න පුළුවන්. කතාකරලා ප්‍රශ්න විසඳාගමු'' ද අග්‍රාමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya