අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ලූම්බිණිය වැද පුදා ගනී

    සැප්තැම්බර් 01, 2018
    නේපාලයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බුදුන් වහන්සේ උපත ලද අසිරිමත් ලූම්බිණිය වැද පුදා ගැනීමට අද (01) පෙරවරුවේ එක් විය.
    අද පෙරවරුවේ ලූම්බිණිය පුද බිම වෙත ගිය ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පළාත් ප්‍රධාන අමාත්‍ය සහ සංස්කෘතික අමාත්‍යවරයා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
    අනතුරුව ජනාධිපතිතුමා ආගමික වතාවත්වලට එක්වූ අතර ලූම්බිණිය වෙත පැමිණෙන කිසිදු රාජ්‍ය නායකයෙකුට පවා අවස්ථාවක් නොලැඛෙන, සිදුහත් කුමරු උප්පත්තිය ලබා පළමු පියවර තැබූ ස්ථානය ස්පර්ශ කරමින් වන්දනාමාන කර ගැනීමේ දුර්ලභ අවස්ථාව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් සළසා තිබුණි.
    ලූම්බ්ණි ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර පූජ්‍ය ගලහපිටිය ප්‍රේමරතන නායක ස්වාමින් වහන්සේ විසින් මෙහිදී ආගමික වතාවත් සිදුකොට ජනාධිපතිතුමා ඇතුථ පිරිස වෙත ආශිර්වාද පළ කළහ.
    අනතුරුව ජනාධිපතිතුමා ලූම්බිණි පුද බිමේ පිහිටි මායා දේවි විහාරය ද වැද පුදා ගත්තේය.  
    එහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya