අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ජනමාධ්‍ය ඇමැති නිරීක්ෂණය කරයි

    අගෝස්තු 28, 2018

     මොණරාගල දී හෙට (29) ආරම්භ වීමට නියමිත එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශන භූමිය අද (28) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය 2018 අගෝස්තු මස 29 වන දින සිට 31 දින දක්වා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අභියස භූමියේදී පැවැත්වේ.

    සංවර්ධනයට නව මුහුණුවරක් ගෙනදෙන, ව්‍යවසායකත්වය ඉලක්ක කරගත් එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන මාලාවේ පළමුවැන්න ලෙස මෙම ප්‍රදර්ශනය ආරම්භ වෙයි.

    මේ වනවිට ප්‍රදර්ශන භූමියේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.කලාප 12කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ කුටි 515කින් යුක්ත වේ. දැවැන්ත අධ්‍යපන කලාපයක් , ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන සංගීත සංදර්ශන මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීම සඳහා විනෝද කලාපයකින්ද ප්‍රදර්ශන භූමිය සමන්විත වෙයි.

    මේ අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya