අද (29) මොණරාගලදී ආරම්භ වූ එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අඳහස පළ කළේ ය.
අද(29) සවස අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත වන බවද මෙය ආර්ථික, අධ්‍යාපනික වශයෙන් වැදගත් ප්‍රදර්ශනයක් බවද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී නිරීක්ෂණයට එක් වූ නීතිය සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අඳහස් දක්වමින් මෙසේ පැවසී ය.
''මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව ශක්තිමත් කිරීම සිදු කරන්නේ. දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනය කරන වැඩපිළිවෙලක්. එදා ''දැයට කිරුළ'' හුදු ප්‍රදර්ශනයක් පමණයි. එයින් කොටසක් හම්බකර ගත්තා යැයි ද අමාත්‍යවරයා කීය.