අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්වනු හානියෙන් වර්ෂයකට රු. මිලියන 18,000ක බෝග හානියක්- විශේෂඥ කණ්ඩායමක් හෙළිකරයි

    අගෝස්තු 27, 2018

    ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානියෙන් වාර්ෂික ව අප රටට අහිමි වන මුදල රු. මි. 18,000ක් බව චීන විශේෂඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් පසුව අනාවරණය වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    විශේෂයෙන් අපරටේ සතුන්ගෙන් සිදුවන වගා හානි මෙන්ම අස්වනු නෙලා ගැනීමේ දී සිදුවන හානියත්, නිසි මිලක් නොමැතිකම නිසා ඇතැම්විට වගාවන් අත්හැර දැමීමත් වැනි කරුණු ඊට බලපා තිබේ.

    අප රටේ පසු අස්වනු නාස්තිය පිළිබඳව විමර්ශනය කළ චීන නියෝජිත පිරිස පසුගියදා එම වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලැබීය. එමෙන්ම ඔවුන් විසින් තමන් අධ්‍යයනය කළ කරුණු මෙන්ම ඒවා වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද තොරතුරු අමාත්‍යවරයාට ඉදිරිපත් කළේය.

    ශ්‍රී ලංකාවේ වගා කරන බෝගවලින් සියයට 30ක් වාර්ෂිකව වනසතුන් විසින් විනාශ කර දමයි. වැඩිපුරම වගාහානි සිදු කරන සතුන් වන්නේ රිළවා, වඳුරා, වල් ඌරා, ඉත්තෑවා, මොනරා හා අලියායි.

    එමෙන්ම පසු අස්වනු නාස්තිය හා නියගය නිසා වගා කරන බෝගවලින් තවත් සියයට 30ක් පමණ විනාශ වේ. මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදා ගනු ලබන්නේ සියයට 40ක පමණ ප්‍රමාණයකි.

    කෙසේ වුවද පසු අස්වනු හානිය වළක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග වශයෙන් නවීන් තාක්ෂණය යොදා ගැනීම, අස්වනු නෙලා ගැනීමේ දී භාවිතා කළ යුතු දියුණු ක්‍රම හා ඒ පිලිබඳව ප්‍රමාණවත් දැනුමක් ගොවීන්ට ලබා දිය යුතු බවත් චීන නියෝජිත පිරිස අමාත්‍යවරයාට පැවැසීය.

    චීන රජය විසින් තමන්ගේ වියදමින් අප රටේ පසු අස්වනු නාස්තිය පිළිබඳව පර්යේෂණයක් සිදු කර එහි වාර්තාව ලබා දීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම නියෝජිත පිරිසට සිය කෘතඥතාව පළකරනු ලැබීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya