අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' ප්‍රදර්ශනයට සියල්ල සූදානම් - ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්න - මොණරාගල දිස්ත්‍රික් ලේකම්

    අගෝස්තු 27, 2018
    ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' ප්‍රදර්ශනයට සියල්ල සූදානම්- ප්‍රදර්ශනයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සම්පූර්ණයි -  ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්න - මොණරාගල දිස්ත්‍රික් ලේකම්
     
    සංවර්ධනයට නව මුහුණුවරක් ගෙනදෙන, ව්‍යවසායකත්වය ඉලක්ක කරගත්  එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන මාලාවේ පළමුවැන්න, අගෝස්තු මස 29 වැනිදා සිට 31 වැනිදා දක්වා මොරණරාගල දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
     
     
    මේ වනවිට ප්‍රදර්ශන භූමියේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.කලාප 12කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ කුටි 515කින් යුක්ත වේ. දැවැන්ත අධ්‍යපන කලාපයක් , ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන සංගීත සංදර්ශන මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීම සඳහා  විනෝද කලාපයකින්ද ප්‍රදර්ශන භූමිය සමන්විත වෙයි.
     
    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.එස්.පද්මකුලසූරිය මහත්මිය රජයේ නිලපුවත් වෙබ් අඩවියට  මෙලෙස අඳහස් පළ කළාය.
     
    ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි 515ක් ප්‍රදර්ශකයින් 204 දෙනෙකු සහභාගී වන දැවැන්ත ප්‍රදර්ශනයක් මොණරාගලදී පැවැත්වෙනවා. සංහිඳියාව,ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය යන තේමාව මූලික කරගෙන මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. විශේෂයෙන් ම ව්‍යවසායකයින් සඳහා මෙය හොඳ අවස්ථාවක්. මේ වනවිට ප්‍රදර්ශනයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සියල්ල සම්පූර්ණ කර තිබෙනවා.''
     
    ''ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් සියලු ගමනාගමන පහසුකම් සූදානම් කොට තිබෙනවා.ආරක්ෂක විධිවිධාන සළසා තිබෙනවා. ප්‍රදර්ශනය  උදෑසන 10.00ට ආරම්භ වෙනවා.රාත්‍රී 12.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙනවා. මේ අවස්ථවට පැමිණිලා මින් ප්‍රයෝජනය ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.'' 
     
    අද (27) දිනය වනවිට  මොණරාගල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ සියලු යටිතල පහසුකම් හා ප්‍රදර්ශන කුටි ඉදිවෙමින් පවතින ආකාරය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැමරා කාචයේ මෙසේ සටහන් විය.
     
     
     
    monaragala 3
     
     
    මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරියගේ අඳහස් දැක්වීම වීඩීයෝව නරඹන්න
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya