පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුථ සතර මහ දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.
අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
පෙරහැරට සහභාගී වූ කලාශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
සතර මහා දේවාලවල හ පිටිසර දේවාලවල සංරක්ෂණ කටයුතු සදහා මුල්‍යාධාර පිරිනැමුණේ ද ජනාධිපතිතුමා අතිනි.
''පූජනීය දළදා සංස්කෘතිය'' 13 වන කලාපය මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ඉන් අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා ඇතුථ නිලමේවරුන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
ශ්‍රී දළදා මාළිගාවේ පුලතිසි රාජා ඇත් පැටවා වෙත පළතුරු සංග්‍රහයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ගාමිණි ජයවික්‍රම පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය )