අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රතිසංස්කරණය කෙරුණු රන් වියන ජනපති අතින් විවෘත කෙරේ …

    අගෝස්තු 26, 2018

    සම්පූර්ණයෙන් ප‍්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කිරිම අද (26) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

    අස්ගිරි, මල්වතු මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ ප‍්‍රතිපාදන යටතේ මෙම රන් වියන ප‍්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනිණි.

    වර්ග අඩි 3450 කින් යුත් රන්වියන ප‍්‍රතිසංස්කරණය සඳහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 45 කි.

    හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් 1987 වසරේදී ඓතිහාසික දළදා මාළිගාව වෙත මෙම රන් වියන පූජා කළ අතර, දශක තුනකට අධික කාලයක් දළදා සමිඳුට සෙවණ සැලසූ රන් වියන ප‍්‍රතිසංස්කරණයට ලක් කෙරුණේ වසර 16 කට පසුවය.

    අද උදෑසන ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා පළමුව දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව ප‍්‍රතිසංස්කරණය කෙරුණු රන් වියන විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

    රන් වියනේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ ශිල්පීන් ඇගයීමට ලක් කරමින් ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක ද නිරත විය.

    අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක හිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලද ”ගල් පිළිමය” ග‍්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (26)  අස්ගිරිය ගෙඩිගේ රජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
    එහිදි එම ග‍්‍රන්ථය පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක හිමිපාණන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
    උන්වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
    අස්ගිරිය ගෙඩිගේ මහා විහාරයේ නව ශ‍්‍රවණාගාරය විවෘත කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
    අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඤානරතන නායක හිමිපාණන් වහන්සේ, ශ‍්‍රී ලංකා රාමක්‍ද්ක්‍ද මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක හිමිපාණන් වහන්සේ, ශ‍්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ, ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නායක හිමිපාණන් වහන්සේ , රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය සහ අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතු`එ මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
    මේ අතර ඊයේ (25)  රාති‍්‍රයේ වීදි සංචාරය කෙරුණු මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ද ජනාධිපතිතුමා මහනුවර ජනාධිපති මන්දිරයේ විශේෂ පීඨිකාවේ සිට එක් විය.
    ජයන්ති සිරිසේන මැතිණිය සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya