අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විගණන පනතින් තොරතුරු දැනගැනීම සීමා වන්නේ නෑ - මුදල් රාජ්‍ය අමත්‍ය

    ජූලි 05, 2018

    විගණන පනතින් තොරතුරු දැනගැනීමේ පනත සීමා කිරීමට රජයට කිසිම අඳහසක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී ජාතික විගණන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසීය.

    විවාදයේ දී තවදුරටත් අඳහස් දක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

    තොරතුරු දැනගැනීමේ පනත මේ මඟින් සීමාවන බවට මතයක් තිබෙනවා. එසේ කරන්නට කිසිදු අවශ්‍යතාවයක් නෑ. එම පනතත් අපේ ආණ්ඩුවෙන් ගෙනාවේ. තොරතුරු අධිකරණ කටයුත්තකට බාධවක් නම් එය හෙළි කිරීමට නොහැකියි. තොරතුරු දැනගැනීමේ පනතට බාධා නොවන පරිදි බලයක් විගණකාධිපතිට දිය යුතුයි. විගණන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම වැදගත් කාර්යභාරයක්. විගණන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න මේ පනත ගෙනාවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya