මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජීවිතයට හැකියාවක්- හැකියාවට රැකියාවක්" ජාතික නිපුණතා දිනය සැමරේ

    ජූලි 16, 2014
    "ජීවිතයට හැකියාවක්- හැකියාවට රැකියාවක්"  යන්න තේමාකර ගනිමින් ජාතික නිපුණතා දින උත්සවය හා ප්‍රදර්ශනය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී ඊයේ (15) සිදු කෙරිණි.


    වැඩ ලෝකයට උචිත නිපුණතාවෙන් යුක්ත තරුණ ජවය ඵලදායී ලෙස රටේ සංවර්ධනයට දායක කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වේ.

     

    අ.පො.ස. උසස් පෙළ සඳහා හඳුන්වා දුන් තාක්ෂණවේදී විෂය ධාරාවට වසරක් සපිරෙන ඊයේ දින පසුගිය දශකය තුළ තාක්ෂණික හා සේවා අංශයෙහි වර්ධනය හා නාවික, ගුවන්, වාණිජ හා බලශක්ති, අධ්‍යාපන යන පංචබල කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගනිමින් අධ්‍යාපන තුළින් බිහි වන දැයේ දරුවන් හැකියාවෙන් හෝ නිපුණතාවෙන් පිරිපුන් පිරිසක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

     

    නිපුණතා පිළිබඳ නව අර්ථකථනය සමාජගත කිරීම, නිපුණතාව ඇගයීමට ලක්කිරීම, නිපුණතාව සංවර්ධනය සඳහා වන ප්‍රවේශයන් හඳුන්වාදීම, පාසල් හා තරුණ ප්‍රජාව අතර මෙම මතය ප්‍රචලිත කිරීම, ජාතික වටිනාකමකින් යුතුව මෙම කාර්යය අගය කිරීම හා මාධ්‍ය ඔස්සේ මෙහි වැදගත්කම ජනතාව අතර ප්‍රචාරය කිරීම යන්න පදනම් කරගනිමින් නිපුණතා දිනය සමරනු ලැබීය.

     

    සිසුන්ගේ නව නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන කුටි ද අමාත්‍යතුමා අතින් මෙහිදී විවෘත කෙරිණි.

     

    ඛනිජතෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, අධ්‍යාපන අධ්‍යක්ෂ (තාක්ෂණ) ඒ.ඩී. නන්දසේන යන මහතුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya