මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ගුවන් හමුදාපති ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති හමුවේ Featured

    ජූලි 16, 2014

    ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදාපති  එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර නිල හමුව ගුවන් හමුදා මුලස්ථානයේදී අද (16) පෙරවරුවේදී  සිදුවිය.


    ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයට පැමිණි ඉන්දීය ගුවන් හමුදාපතිවරයා ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමොඩෝර් ඩී. ජේ. සී. වීරකෝන් විසින් පිළිගත් අතර, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින්  ආචාර පෙළපාළියක් ද පැවැත්විණ.
     
    මෙම හමුවේදී දෙරටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කරන ලද අතර, ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිලධාරිහුද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

    මෙරටට පැමිණ සිටින ඉන්දිය  ගුවන් හමුදාපතිවරයාගේ ආර්යාව වෙනුවෙන් උදෑසන වෝටර්ස් එජ් හෝටලයේදී  ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ ආර්යා රොෂානි ගුණතිලක විසින් විශේෂ තේ පැන් සංග‍්‍රහයක් පවත්වන ලද අතර, එම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ මහත්මීහුද සහභාගි වූහ.

    ECB

    indianairfoce-2

    indianairfoce-3

    indianairfoce-5

    indianairfoce-6

    indianairfoce-7

    indianairfoce-8

    indianairfoce-9

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya