මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මින්නේරිය දේව ප‍්‍රතිමාව ජනාධිපති සුරතින් නිරාවරණය කෙරේ

    මැයි 07, 2018

    පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරුණු මින්නේරිය වැවේ දේවාලයේ, මින්නේරිය දේව ප‍්‍රතිමාව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින්  ඊයේ (06) පෙරවරුවේ නිරාවරණය කෙරිණි.

    මෙම මින්නේරිය දේව ප‍්‍රතිමාව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ධන පරිත්‍යාගයෙන් හා හිඟුරක්ගෛාඩ ගුවන් හමුදා මූලස්ථානයේ නිලධාරීන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් ඉදිකොට තිබේ.

    මෙම දේව ප‍්‍රතිමාව ඉදිකිරීම සඳහා ශ‍්‍රම දායකත්වය ලබාදුන් සියලුම ගුවන් හමුදා නිලධාරීන් වෙත ජනාධිපතිතුමා විසින් සමරු තිළිණ ප‍්‍රදානය කෙරුණු අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප‍්‍රදානය කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya