මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අටවැනිදා ප්‍රකාශය ගැන 10 වැනිදා සභාව කල්තැබීමේ විවාදයක්

    මැයි 03, 2018

    මැයි 08 වැනි දින ආරම්භවන පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේ දී ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් මැයි 10 දින පෙ.ව. 10.30 සිට ප.ව.6.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් ලෙස විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2018 මැයි මස 08 වැනි අඟහරුවාදා ප.ව. 2.15 ට අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.

    පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී ජනාධිපතිතුමා විසින් ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

    අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් එතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2018 අප්‍රේල් මස 12 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන ලද අතර, පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගැනීමේ දිනය වශයෙන් 2018 මැයි මස 8 වැනි දිනය නියම කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya