අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ආරක්ෂාව තහවුරුයි - ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති

    මාර්තු 09, 2018

    මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට ආරක්ෂක තත්ත්වය තහවුරු කොට ඇති බවත්, ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ලබා දිය හැකි බවත් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

    ඉදිරියේදී ඇති වන ඕනෑම සිද්ධියක් මැඩ පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිය යුධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ඇති බවද යුධ හමුදාපතිවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය. යුධ හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේ අද(9) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහනුවර දිසාපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සුපුරුදු ලෙස ජන ජීවිතයට හුරු වෙමින් පවතින බවත්, ජනතාවට ජන ජීවිත ගොඩනංවා ගැනීමට අවශ්‍ය සියළු සහාය ලබා දීමට යුධ හමුදාව කැපවී සිටින බවත් යුධ හමුදාපතිවරයා මෙහිදී පැවසීය.

    සති අන්ත නිවාඩුවෙන් අනතුරුව එළඹෙන නව සතිය ආරම්භයේදී සියළු කටයුතු යථා පරිදි සිදු විය යුතු බවද පෙන්වා දුන් සේනානායක මහතා ජාත්‍යනතර වශයෙන් ගොඩ නැගෙමින් පවතින් අප්‍රසාදය ඉතා ඉක්මනින්නැවත ගොඩ නගාගත හැකි වන්නේ එවිට බවද පැවසීය.

    මෙම අවාසනාවන්ත සිද්ධිය සදහා මුල් වී ඇත්තේ සංවිධානාත්මකව පිට ප්‍රදේශ වලින් පැමිණී කණ්ඩායම් බව මේ වන විට අනාවරණය වෙමින් පවතින බව පැවසූ යුධ හමුදාපතිවරයා සමාජ ජාල ඔස්සේ ජනතාව ප්‍රකෝපකරවූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉතිරි සියළු දෙනා අත්අඩංගුවට ගැනීම ඉතා පහසුවක් වන බැවින් නුදුරේදීම ඔවුන් අත්අඩංගුවට ගත හැකි වනු ඇති බවද පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ මහනුවර දිසාපති එච්.එම්.පී හිටිසේකර මහතා පැවසුවේ මහනුවර තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කොට ඇති බවයි. සිදු වූ අලාභයන් පිළිබද තක්සේරු කිරීම සදහා තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 24 ක් කණ්ඩායම් හතරකට බෙදා අද දිනයේ යෙදවූ බව පැවසූ දිසාපතිවරයා ඒවා ප්‍රතිසංස්කරණය කර දීම සදහා අවශ්‍ය කටයුතු ඉදිරියේදී ආරම්භකරන බවද පැවසීය.

    නැවත මෙවැනි අවාසනාවන්ත සිදු වීමක් සිදු නොවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සදහා ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් මෙන්ම සර්ව ආගමික පූජකවරුන් සමග සාකච්ඡා කොට අවශ්‍ය තීන්දු තීරණ ලබාගත් බවද එහිදී දිසාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණීමට පෙර යුධ හමුදාපතිවරයා මහනුවර සිංහල වෙළද සංගමයේ සාමාජිකයන් සමග ද විශේෂ සාකච්ඡාවක් පවත්වා මහනුවර ජන ජීවිතය නැවත යථාතත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සාකච්ඡා කරන ලදී.

    - දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -මහනුවර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya