මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීවරයා ජනපති හමුවෙයි

    මාර්තු 10, 2018

    ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් Katsutoshi Kawana මහතා ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

    ශ‍්‍රී ලංකාවේ සමුද්‍රිය ආරක්ෂාව තහවුරු කිරීමට ජපාන නාවික හමුදාවේ සහය ලබාදීමට කටයුතු කරන බව ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීවරයා මෙහිදී සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකා නාවික හමුදාවට ජපානයේ පුහුණු අවස්ථා වැඩිකර දෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීවරයාගේ එකඟතාවය පළ කෙරිණි.

    එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම, ආපදා සහන සේවා ආදී කටයුතු වලදී අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු විය.

    ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya