අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්තාපල් ආනයන බද්ද ඉහළ දැමේ- දේශීය ගොවියාට සහන ලබා දීමේ පියවරක්

    පෙබරවාරි 23, 2018

    ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියල් 1.00 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (23) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30/= දක්වා ඉහළ දමා තිබේ.

    දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බැවින් දේශීය ගොවියාට සහන ලබා දීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත. මාර්තු මස 31 වැනිදා දක්වා නව බදු සංශෝධනය ක්‍රියාත්මක බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya