අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීම ජනපති ප‍්‍රධානත්වයෙන්

    පෙබරවාරි 21, 2018
    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ මෙතෙක් ක්‍රියාත්මක වැඩසටහන්වල ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
     
    මහවැලි අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විශේෂ සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර මහවැලි ගොවි ජනතාවට කඩිනම් ප‍්‍රතිලාභ සැලසෙන අයුරින් එම ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කළේය.
     
    එමෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව ජලාශවල පවතින ජල මට්ටම නිසි අයුරින් කළමනාකරණය කර ගනිමින් ඉදිරි වගා සැලසුම් සකස් කර ගැනීමට ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    ගොවි සංවිධාන හරහා එම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස ද උපදෙස් දෙනු ලැබීය.
     
    වයඹ ඇළ සහ ඉහළ ඇළහැර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, මොරගහකන්ද ව්‍යාපෘතියට සමගාමීව ඉදිවන මැදිරිගිරිය, බිසෝපුර ගම්මානයේ ඉදිකිරීම් සහ ජනතාවට ඉඩම් බෙදාදීමේ කටයුතු කඩිනම් කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
     
    එමෙන්ම මහවැලි අධිකාරිය යටතේ පවතින දැනට භාවිතයට නොගන්නා ගොඩනැගිලි නිසි ක‍්‍රමවේදයක් යටතේ ප‍්‍රමුඛතාවය අනුව සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍ර සඳහා ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශාන්තා විජේරත්න, මහවැලි සංවර්ධන අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ආර්.ආර් රූපසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya