අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියතලාවේ බස් රථයක් තුළ සිදු වූ පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවේ -යුද්ධ හමුදාව

    පෙබරවාරි 21, 2018

    දියතලාවේ දී ගින්නක් සමග බස්රථයේ ඇති වූ පිපිරීමෙන් 19 දෙනෙක් තුවාල ලැබීමේ සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව යුද හමුදාව පවසයි.

    අද පෙරවරු 5.45 ට පමණ යාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගින්නක් සමඟ ඇති වූ හදිසි පිපිරිමක් දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී සිදු වී ඇති අතර එමඟින් බස් රථය තුල සිටි මඟින් 19 දෙනෙකුට තුවාල සිදු වී ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

    ලද වාර්තා අනුව මෙම පෞද්ගලික බස් රථයේ පැමිණි මගීන් බණ්ඩාරවෙල බස් නැවතුමේ දී වෙනත් පෞද්ගලික බස් රථයකට මාරු කර දියතලාව දක්වා ගමන් කිරීමට ඉඩ සලසා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

    මගීන් අතර යුද්ධ හමුදා සෙබලුන් 7 දෙනෙක් ද, ගුවන් භටයන් 5 දෙනෙක් ද වූහ. සියලු තුවාලකරුවන් දියතලාව රෝහලට ඇතුලත් කර ඇති අතර හමුදා සෙබලුන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වන බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    පොලීස් පරික්ෂණ පැවැත්වෙන අතර මෙම පිපිරීම ත්‍රස්තවාදි ක්‍රියාවක් නොවන බව යුද්ධ හමුදාව තහවුරු කරන බව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදාව විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

    අද පෙරවරු 5.45 ට පමණ යාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගින්නක් සමඟ ඇති වූ හදිසි පිපිරිමක් දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී සිදු වී ඇති අතර
    එමඟින් බස් රථය තුල සිටි මඟින් 19 දෙනෙකුට තුවාල සිදු වී ඇත. ලද වාර්තා අනුව මෙම පෞද්ගලික බස් රථයේ පැමිණි මගීන් බණ්ඩාරවෙල බස් නැවතුමේ දී වෙනත් පෞද්ගලික බස් රථයකට
    මාරු කර දියතලාව දක්වා ගමන් කිරීමට ඉඩ සලසා ඇත. මගීන් අතර යුද්ධ හමුදා සෙබලුන් 7 දෙනෙක් ද, ගුවන් භටයන් 5 දෙනෙක් ද වූහ. සියලු තුවාලකරුවන් දියතලාව රෝහලට ඇතුලත් කර ඇති අතර හමුදා සෙබලුන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වේ. පොලීස් පරික්ෂණ පැවැත්වෙන අතර මෙම පිපිරීම ත්‍රස්තවාදි ක්‍රියාවක් නොවන බව යුද්ධ හමුදාව තහවුරු කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya