අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආණ්ඩුවේ ගිවිසුම තවදුරටත් - පාර්ලිමේන්තුවට කියයි

    පෙබරවාරි 21, 2018

    ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතිකර ගෙන තිබෙන ගිවිසුම තුළ තවදුරටත් රැදී සිටින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්,අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

    මෙය පවත්වාගෙන යන්නේ ව්‍යවස්ථාව යටතේ සභාවෙන් ගත්ත තීරණයක් අනුවයි.යෝජනාව තවමත් වලංගුයි.එය අවලංගු කර නෑ.අවලංගු කරන්න වුවමනා තත්ත්වයක් මතුව ඇතැයි සිතන්නේ නෑ. තියෙන කරුණු අනුව මේ විදියට ගෙන යන්න පුළුවන්. කරුණු වෙනස් වෙලා නෑ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්,අමාත්‍ය මහින්ද අමරවීර මහතා- එක්සත් ජාතික පක්ෂයත් සමඟ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. තවමත් ගිවිසුම තුළ රැදී සිටිනවා. ඒ තුළ තවමත් ක්‍රියා කරනවා. තවමත් ඉවත් වෙලා නෑ.

    සභනයක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- ජාතික ආණ්ඩුව ව්‍යවස්ථාවේ පැහැදිළි කර තිබෙනවා.


    නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා- මෙම ගිවිසුමේ ජාතික ආණ්ඩුව වසර දෙකකින් අවසන් වන බවට කිසිදු සඳහනක් කර නෑ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya