අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිල ඉහළ දැමීම සිදුවන්නේ පුළුල් පරීක්ෂණයිකින් අනතුරුවයි - පාරිභෝගික සේවා අධිකාරිය

    පෙබරවාරි 21, 2018
    විවිධ සමාගම් විසින් වසරකට කිහිපවරක් තම නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට ඉල්ලීම් කරනු ලබන බවත් එවැනි ඉල්ලීම් ලැබීම සාමාන්‍ය කටයුත්තක් බවත් පෙන්වාදෙන පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා අවශ්‍ය නම් එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයකින් අනතුරුව මිල වැඩිකිරීම සිදුකරන බවත් පෙන්වා දෙයි.
     
    එමෙන් ම මිල වැඩිකිරීම සඳහා ඉල්ලීමක් ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කොට ජීවන වියදම් අනු කාරක සභාවට ඉදිරිපත් කොට අවසානයේ දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මිල ඉහළ දැමීමක් සිදු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    මේ වන විට ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳ ව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගෙන් අප විමසීමකළ අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya