අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ 2018 වාර්ෂික සැසිවාරයේ සමාරම්භක උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන් …

    පෙබරවාරි 22, 2018

    ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ 2018 වාර්ෂික සැසිවාරයේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය විසින් අඛණ්ඩව 36 වන වරටත් සංවිධානය කරන ලද වාස්තු විද්‍යා ප‍්‍රදර්ශනය ද මේ හා සමගාමීව පැවැත්වෙන අතර A-18  “වාස්තු විද්‍යා 2018“ නමින් එය අද සිට පෙබරවාරි 25 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.

    290කට අධික වෙළෙඳ ප‍්‍රදර්ශන කුටි සංඛ්‍යාවක් සහ වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ ප‍්‍රදර්ශනය කෙරෙන ඩිජිටල් පුවරු ඇතුළු ප‍්‍රදර්ශක 126 ක් සහිත අත්දැකීම් රැසක් ලබාදෙන වාස්තු විද්‍යා සහ වෙළෙඳ ප‍්‍රදර්ශනය පෙ.ව 10.00 සිට ප.ව 10.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතය.

    “වාස්තු විද්‍යාවේ ප‍්‍රජා නියෝජනය“ තේමාව යටතේ හෙට ඇරඹෙන සමුළුවේදී මැලේසියාව, සිංගප්පුරුව ඇතුළු රටවල ප‍්‍රකට වාස්තු විද්‍යාඥයින් මෙන්ම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රකට වාස්තු විද්‍යාඥයින් එක්ව සිය විශේෂඥ දැනුම සහ වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රයේ නියැළිීමෙන් ඔවුන් ලබා ඇති අත්දැකීම් බෙදා හදා දෙනු ඇත.

    වාස්තු විද්‍යාව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටුකළ වාස්තු විද්‍යාඥයින් සිව් දෙනෙකු වෙත අධි සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජාත්‍යන්තර වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ තෝමස් වෝනියර්, ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ ඞී.එච්. විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයින් මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya