අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් මාර්ග ආරක්ෂණ සැලැස්ම සැකසෙයි

    ජූලි 10, 2014
    මාර්ග අනතුරු අවම කරමින් සුරක්ෂිත මාර්ග පද්ධතියක් ශ‍්‍රී ලංකාවාසී ජනතාවට ලබාදීමේ අරමුණින් පළාත් මාර්ග ආරක්ෂණ සැලැස්ම සකස් කිරීමේ වැඩසටහනක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක‍්‍රියාත්මක කරමින් පවතී.

    මේ අනුව, පළාත් නවයම ආවරණය වන පරිදි මාර්ග ආරක්ෂණ ඒකක පිහිටුවා පළාත් මාර්ග ආරක්ෂණ සැලැස්ම සකස් කිරීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති නීතිඥ ගාමිණි ඒකනායක මහතා පවසයි. මේ යටතේ, පළාත් මාර්ග ආරක්ෂණ ඒකක බස්නාහිර, දකුණ හා මධ්‍යම යන පළාත්වල පිහිටුවා ඇති අතර මෙම පළාත් තුනෙහිම මේ වන විට වැඩමුළු පවත්වා මාර්ග ආරක්ෂණ සැලැස්ම සකස් කරමින් පවතී.

     

    මේ යටතේ වයඹ පළාත් මාර්ග ආරක්ෂණ සැලැස්ම සකස් කිරීමේ වැඩමුළුවක් ජූලි 11 වන දින පෙ.ව. 9.00ට කුරුණෑගල වැව රවුමේ, මහගෙදර නිවාඩු නිකේතනයේදී වයඹ පළාත් මාර්ග සංවර්ධන, ප‍්‍රවාහන, විදුලිබල, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

     

    වයඹ පළාත් ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, වයඹ පළාත් මාර්ග සංවර්ධන, ප‍්‍රවාහන, විදුලිබල, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඒ.ඩී. අමරසිරි හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති නීතිඥ ගාමිණී ඒකනායක යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.  

     

    NDH/SK-cmu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya