අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය 15 සිට යළි විවෘතයි

    ජූලි 10, 2014
    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නවීකරණය හා අලුත්වැඩියා කටයුතු කිරීමෙන් පසු ලබන 15 දින සිට නැවතත් නැරඹුම් දර්ශන සඳහා මහජනතාවට විවෘත කරන බව දන්වා සිටී.
    මෙය නවීකරණය හා අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා පසුගිය ජූනි 24 සිට නැරඹුම් දර්ශන තාවකාලිකව අත්හිටුවන ලදි.
     
    නැරඹුම් දර්ශන අත්හිටුවීමෙන් නරඹන්නන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව සැලකිල්ලට ගෙන, නවීකරණ කටයුතු සිදු කෙරෙන අතරතුර සීමිත සංඛ්‍යාවකට, සුපුරුදු දර්ශන, මෙතෙක් භාවිත කළ යන්ත්‍ර භාවිතයෙන්ම පැවැත්වීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය කටයුතු සූදානම් කොට තිබේ. 
     
    විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමත් පාසල් දරු දැරියන්ගේ විද්‍යා දැනුම ප්‍රවර්ධනය කිරීමත් උදෙසා කටයුතු කරන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය  තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයකි.
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya